| |
1991 අංක 18 දරණ පනත මගින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (රා. භා. කො. ) පිහිටුවන ලදී. රා.භා.කො.සභාවේ ප‍්‍රධාන පරමාර්ථය වන්නේ රාජ්‍ය භාෂාවන් භාවිතය පිළබඳ අදාළ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති නිර්දේශ කිරීම සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ iv වන පරිච්ඡේදයේ සඳහන් විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීම නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීමය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වන ව්‍යවස්ථාවෙහි සඳහන් භාෂාවන් භාවිතා කිරීම සම්බන්ධයෙන් වගබලාගැනීම පිණිස අවශ්‍යවන පරිදි සියලු කි‍්‍රයාමාර්ග සහ පියවරවල් අනුගමනය කිරීම, රාජ්‍ය භාෂාවන් භාවිතය අගය කිරීමේ කටයුතු ප‍්‍රවර්ධනය කිරීම, විමර්ශන කටයුතු සිදූකිරීම සහ රා.භා.කො. සභාව වෙත ලැබෙන පැමිණිලිවලට පිළිතුරු වශයෙන් ප‍්‍රතිකර්ම යෙදිමේ කි‍්‍රයාමාර්ග ගැනීම අනෙකුත් පරමාර්ථවලට ඇතුළත් වේ.
දැනට රා.භා.කො. සභාව රාජා කොල්ලුරේ මහතා (සභාපති), මහාචාර්ය ඒ.වී.සුරවීර මහතා, මහාචාර්ය එස්.තිල්ලෙයිනාදන් මහතා, මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා , මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා සහ එන්.පී.එම්.සහිෆ්ඩීන් මහතා (සාමාජිකයන්) යන අයගෙන් සමන්විත වෙයි. සෙනරත් ගුණසේන මහතා (රාජ්‍ය භාෂා කොමසාරිස්) මෙම සභාවේ ලේකම්වරයාය. |
|