|
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) මග පෙන්වීම යටතේ, ඇමරිකානු ආධාර වැඩසටහනේ (USAID) “තරඟකාරිත්ව ව්‍යාපෘතියේ” මූල්‍ය අනුග්‍රහයෙන්, ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයේ දායකත්වය ඇතිව සිදු කල මෙම සමීක්‍ෂණයේ නිල වාර්තාවට අනුව පසුගිය දෙවසර තුල මෙරට තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකායට අලුතෙන් වෘත්තිකයින් දස දහසක් එක් වී ඇතැයි පෙන්වා දෙයි.
පසුගිය වසර තුල සිදුකල අදාල සමීක්‍ෂණයට අනුව මෙම වසරේ (2007) පමණක් තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයින් 7672ක් සඳහා ඇබෑර්තු ඇතැයි අනාවරණය වී තිබේ. මෙයින් 50%ක් පමණ ඇබෑර්තු තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයට සෘජුව සම්බන්ධ ආයතනවල ඇති අතර වෙනත් ආයතනවලටද එවැනි වෘත්තිකයින් තුන් දහසක පමණ අවශ්‍යතාවක් ඇතැයි එහි සඳහන් වේ. එමෙන්ම රාජ්‍ය සේවයටද තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයින් 507 ගේ සේවා අවශ්‍යතාවකත් ඇතැයි ජාතික තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකා සමීක්‍ෂණය පෙන්වා දෙයි.
මෙම සමීක්‍ෂණය තුලින් ශ්‍රී ලංකාවේ තොරතුරැ තාක්‍ෂණ වෘත්තීයවේදීන්ගේ අවශ්‍යතාව පිළිබඳව සැබෑ සංඛ්‍යාලේඛන සකස් කිරීමට හැකි වූ නිසාම මෙම සමීක්‍ෂණය දෙවැනි වරටද සිදු කල බව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයේ අධ්‍යක්‍ෂ, ආචාර්ය දිලීප ද සිල්වා ප්‍රකාශ කරයි.
අද නිකුත් වූ සමීක්‍ෂණ වාර්තාවේ ජාතික වශයෙන් වැදගත් කරුණු රාශියක් අඩංගු වේ. මෙරට තොරතුරු තාක්‍ෂණ කර්මාන්තයේ ස්වභාවය, සැබෑ ප්‍රවනතාවන් හා අවශ්‍යතාවන් මෙන්ම එහි දියුණුවට බාධා වන කරුණු ද ඊට ඇතුලත් වේ. මෙයට අමතරව ප්‍රධාන වශයෙන් තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් හා අත්දැකීම් පිළිබඳව මෙන්ම දැනට එවැනි වෘත්තිකයින් සොයා ගැනීමට දුෂ්කර වී ඇති කරුණුද එහි සඳහන් වේ.
මෙම සමීක්‍ෂණය මගින් මෙරට තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉල්ලුම හා සැපයුම අතර පවතින ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය නිවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි වන නිසාම මේ සඳහා පූර්ණ සහාය ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) තීරණය කල බව නියෝජිතායතනයේ මෙහෙයුම් ප්‍රධානී, රෙෂාන් දේවපුර ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයින්ගේ පුහුණු අවශ්‍යතාවන් පිළිබඳව පුහුණු ආයතනවලට තොරතුරු ලබා ගැනීමට මෙම සමීක්‍ෂණ වාර්තාව වැදගත් මූලාශ්‍රයක් වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
අදාල වාර්තාව මගින් රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද තොරතුරු තාක්‍ෂණ ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව සවිස්තරාත්මකව කරුණු අධ්‍යයනය කර ඇතැයි ඊට මූල්‍ය අනුග්‍රහය ලබාදුන් “තරඟකාරිත්ව ව්‍යාපෘතියේ ” වැඩසටහන් විශේෂඥ, ටී. අයි. ජමල්දීන් පවසයි.
ජාතික තොරතුරු තාක්‍ෂණ ශ්‍රම බලකා සමීක්‍ෂණ වාර්තාව www.icta.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
|