අන්තර්ජාලයේ
අන්තර්ගතය සාගරය තරම් විශාලය. ග්‍රාමීය ප්‍රජාව විසින් එය ප්‍රයෝජනයට
ගැනීමට එය පරිවර්තනය කිරීමට සහ පිළිවලකට සැකසීමට විශේෂ උත්සාහයක් ගත යුතු
වෙයි. දේශීය භාෂා වල ද්වීමය අන්තර්ගතය අඩුකම හේතුවෙන් ඉංග්‍රීසි භාෂා
කියවීමට හා තේරුම් ගැනීමට නොහැකි බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට තොරතුරු
තාක්‍ෂණයේ ප්‍රතිලාභ ඒ ආකාරයෙන්ම භුක්ති විඳිමට නොහැකි වී ඇත.
ජනාධිපති
කාර්‍යාලය යටතේ ක්‍රියා කරන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ
නියෝජිතායතනය මෙම කටයුත්ත පිලිගෙන ඉ-සමාජ සංවර්ධන ව්‍යාපෘතිය හරහා දේශීය
භාෂාවන් තුල අන්තර්ගතය සංවර්ධනය දිරිගැන්වීමට උත්සාහ ගෙන ඇත. ශ්‍රී ලංකා
තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් අරමුදල් සපයන
ව්‍යාපෘතීන් අතුරින් එක් වැඩසටහනක් වන “ ශිල්ප සයුර ”, ඉ-ෆියුෂන් පෞද්ගලික
ආයතනය මඟින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. 6 ශ්‍රේණි වල සිට 11 ශ්‍රේණි
දක්වා සිසුනට උපකාරී වන පරිදි ද්වීමය අන්තර්ගතය සිංහල භාෂාවෙන් පාසැල්
විෂය මාලාවට අදාලව නිර්මාණය කිරීම, මෙම ඉ-ෆියුෂන් පෞද්ගලික ආයතනය විසින්
සිදු කරනු ඇත. පරිගණක හා ඒ ආශ්‍රිත මූලික තොරතුරු තාක්‍ෂණ යටිතල පහසුකම්
වැනි දෑ ග්‍රාමීය නිවැසියන් සතුව නොමැති මුත් ශිල්ප සයුර භාවිතයට එය
අත්‍යවශ්‍ය වේ. එවන් ග්‍රාමීය ජනතාවට ශිල්ප සයුරේ අන්තර්ගතයන් භාවිතයට,
රටපුරා විහිදී ඇති 370ක් වූ නැණසල ජාලය පිටිවහලක් වී ඇත. එබැවින් “ ශිල්ප
සයුර” දැන් නැණසල් 20ක් තුල විහිදී ඇති අතර එය අවසානයේ සම්පූර්ණ ජාලය පුරා
විහිදෙනු ඇත.
“ශිල්ප සයුර”, අන්තර් ක්‍රියාකාරී ලෙස ස්වධ්‍යයනය
සපයන අතර එය ප්‍රායෝගිකව ගුරු සම්පතක් ලෙස දුරස්ථ සහ ග්‍රාමීයව වෙසෙන සහ
ගුරු සේවාව ලබා ගැනීමට නොහැකි ළමුනට පිටිවහලක් වනු ඇත. පාසැලේ උගන්වනු ලබන
විෂයම ස්වධ්‍යයනය කිරීමට සහ විෂය පැහැදිලිව තේරුම් ගැනීමට මෙමගින් හැකි
වනු ඇත. මෙම අන්තර්ගතයට අන්තර් ක්‍රියාකාරීත්ව අභ්‍යාස මත පදනම් වූ මූල
ග්‍රන්තය, වීඩියෝ ඇමුණුම්, පින්තූර, සජීවනයන් සහ ක්‍රමලේඛාංශුවන් යන දෑ
ගිගාබයිට් 4.7ක ප්‍රමාණයක ඇතුලත් වෙයි. එය, එබැවින් මූල ග්‍රන්තයට වඩා
වැඩි වැදගත් විෂය දැනුමක් ලබා ගැනීමට හැකිවෙයි. තවදුරටත් “ශිල්ප සයුර”
සිසුනට අන්‍යෝන්‍ය ක්‍රියාවන් එකිනෙකා අතර ඇති කරමින් දැනුම ලබා දීමට සහ
දැනුම හුවමාරු කර ගැනීමට වේදිකාවකුත් වනු ඇත.
අන්තර්ගතය උපදවීම සහ පරීක්ෂාකර බැලීම රටම නියෝජනය වන පරිදි ගුරු මණ්ඩලයක්
මගින් සිදු කර ඇත. නැණසල් ප්‍රජාවන් 20හි පාසැල් සිසුන් සහ ගුරුභවතුන්
විසින් මේ සඳහා සිදු කර ඇත. ලැබෙන ප්‍රතිචාරයනට අනුව තවදුරටත් විෂය කරුණු
ඉහල නංවන අතර විෂය කරුණු ලබා දීම වැඩි දියුණු කරනු ඇත. මේ පිළිබඳව, නොබෝදා
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති “දැයට කිරුළ”
නම් වූ ප්‍රදර්ශණයේදී ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම ජාතික
අධ්‍යාපන ආයතනයට ද ඉදිරිපත් කර ඇත.
ඉ-සමාජ සංවර්ධන වැඩසටහනේ මුලික පරමාරථ අතරේ මෙවන් වූ නව්‍යකරණ අදහස් මගින්
එහි ප්‍රතිලාභ සෑම ලාංකීය සමාජයටම රැගෙන යාම අරමුණ වේ. එවන් අරමුණු රැගත්
ජනතාව අතරට ගෙන යාමට ඉ-සමාජ සංවර්ධන අරමුදල අතරේ ක්‍රියාත්මක ව්‍යාපෘති
රැසක් අතරින් එකකි ශිල්ප සයුර ව්‍යාපෘතිය.තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණයේ
ප්‍රතිලාභ “ සෑම පුරවැසියෙකුටම සහ සෑම ගම්මානයකටම” ගෙන යෑමට උරදෙන ඉ-සමාජ
සංවර්ධන ව්‍යාපෘතිය කටයුතු කිරීමට කැමති පුද්ගලයිනට
www.icta.lk/esdi හෝ
esdi@icta.lk විද්‍යුත් තැපෑලයෙන් තවදුරටත් තොරතුරු ලබා ගත හැක.